පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ගැන රජයෙ අවදානය..

Report

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය.

ෂා! ..ඔය නියමෙටම විභාග රාජකාරි කරලා තියෙන්නේ..

ෂා! ..ඔය නියමෙටම විභාග රාජකාරි කරලා තියෙන්නේ..

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ණය ගෙවීම පැහැර හැරීම‌ හේතුවෙන් ඔවුන්ගේ දේපොළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීම මේ වසරේ දෙසැම්බර් 15 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණි. පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපා ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකුවලින් ලබා ගත් ණය පියවීමේදී දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම මඟින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බවත් ඒ් අනුව මෙලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කළ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබද කැබිනට්ටුව විශේෂ තීරණයක...

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබද කැබිනට්ටුව විශේෂ තීරණයක...

දේපළ වෙන්දේසි කිරීමට ඉඩදීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දීම මඟින් දෙපාර්ශ්වයටම සාධනීය විසඳුමක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වඩා සුදුසු බව රජය විසින් නිරීක්ෂණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.  


You may like this video