ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබද කැබිනට්ටුව විශේෂ තීරණයක...

By Piyumika Dec 10, 2024 05:36 AM GMT
Report

ධීවරයින් වෙනුවෙන් ලබාදුන් භූමිතෙල් සහනාධාරය සඳහා මාසිකව රුපියල් 9,375 මුදලක් ඉදිරි මාස 5 සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් ඔබ අතට..(VIDEO)

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් ඔබ අතට..(VIDEO)

අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ධීවරයින්ට එම සහනාධාරය ලබාගැනීමේ ක්‍රමවේදය පහසුකිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

මේ අතර, ඩීසල් ලීටරයකට රු 25 බැගින් වූ ඩීසල් සහනාධාරය ඉදිරි කාලය සඳහා ද ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බස් නැවතුම්පොළක සැකකටයුතු මරණයක්..

බස් නැවතුම්පොළක සැකකටයුතු මරණයක්..

පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවරයින් මුහුණදී සිටි අසීරුතාවයන්ට සහන සැලසීමේ අරමුණින් පසුගිය ඔක්තෝබර් මස 1 වනදා සිට රජය විසින් ඩීසල සහ භූමිතෙල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කළේය. එහිදී ඩීසල් ලීටරයක් රු 25 බැගින් ඩීසල් සහනාධාරය ලබාදුන් අතර, භූමිතෙල් ලීටරයකට රු 25 බැගින් දිනකට ලීටර් 15ක උපරිමයකට යටත්ව මාසයකට දින 25ක් සඳහා මෙම සහනාධාරය ලබාදුනි.

මෙම සහනාධාරය ක්‍රියාත්මක වෙමින් තිබිය දී හඳුනාගත් අඩුපාඩු අනුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ නව සහනාධාර ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

You may like this video