සහල් ආනයනය පිළිබද රජය ගත් අලුත්ම තීරණය..
සහල් ආනයනය කිරීමට රජය අවසර ලබා දුන් දින 17ක කාල සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ අතර සහල් වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් පවසන්නේ තවමත් වෙළඳපොළේ ප්‍රමාණවත් ලෙස සහල් තොග නොමැති බවයි.
මේ දිනවල පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස පෞද්ගලික ආනයනකරුවන්ට සහ රාජ්‍ය අංශයට සහල් ආනයනය කිරීමට රජය දින 17ක කාලයක් අවසර ලබා දුන්නේ පසුගිය දෙසැම්බර් 03වනදා සිටයි.
එම කාලය හෙටින් අවසන් වීමට නියමිතයි.
නමුත් එම කාල සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති අතර එම අවසන් දිනය ඉදිරියේදි ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් පෞද්ගලික ආනයනකරුවන් අද පස්වරුව වන විට සහල් මෙට්‍රික් ටොන් 22,600ක් මෙරටට ආනයනය කර ඇති බවයි රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ ඊට කැකුළු සහල් මෙට්‍රික් ටොන් 9,600ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 13,000ක් අයත්.
එමෙන්ම රජය විසින් ආනයනය කළ පළමු සහල් තොගය රැගත් නෞකාව අද (19) දිවයිනට ළගා වීමට නියමිතයි.
මේ අතර ආනයනික සහල් ලබා ගැනීම සදහා ගාල්ල ප්‍රදේශයේ සිල්ලර වෙළඳුන් තොග වෙළෙඳසැල් අසල පෝලිම්වල රැඳි සිටින ආකාරයක් දක්නට ලැබුණා.
මේ අතර පවතින සහල් හිඟයත් සමග සිල්ලර වෙළඳුන් සහල් වෙළෙඳාමෙන් ඈත්වීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා
You may like this video