දෙනවා... දෙනවා... ඔන්න ඇප නැතුව දෙනවා...

Report

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති තිබෙනවා.

ඒ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

දේශබන්දුට ජීවිත තර්ජනයක්?

දේශබන්දුට ජීවිත තර්ජනයක්?

“මේ පරාටේ නීතිය හරහා අර්බුදයට ලක්වෙච්ච දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට තවත් සහන ක්‍රියාවලියක් අපි මේ ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරනවා. ඒ අතරින් දැනට අර්බුදයට ලක්වෙලා තියෙන 20,000ක් පමණ වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් එකිනෙකා අරගෙන බැංකු සමග සාකච්ඡා කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඔවුන් ඉදිරියට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කවුද මේ දේශබන්දු ?

කවුද මේ දේශබන්දු ?

ඒ වගේම තමයි කතා කළා ණය ගන්න ක්‍රමයක් නෑ කියලා. මේ අවුරුද්දේ දැනටමත් ආරම්භ වෙලා තියෙනවා ක්‍රෙඩිට් ගැරන්ටී ඕගනයිසේෂන් එක. ඒ කියන්නෙ ණය ආරක්ෂණ වැඩපිළිවෙළක්. එතකොට කාටහරි ඇපයක් නැත්නම්, තමන්ට ඒත් ණය මුදලක් ලබාගන්න ඕනෙ නම්, ඕනෙම ක්ෂේත්‍රයකට පුළුවන් තමන්ගෙ බැංකුවත් එක්ක එකතුවෙලා මේ ක්‍රෙඩිට් ගැරන්ටී ආයතනයකින් 60%ක ආවරණයක් ලබාගන්න. එතකොට ඇපයක් නැතිව ඔවුන්ට ණය ගැනීමේ හැකියාවක් තියෙනවා.