ගෝටාගේ පුද්ගලික ලේකම් CID කැදවයි… අරගල පරීක්‍ෂණ පෙරට..
By Wayomi
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
ඒ, 2022 මාර්තු 31 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවෙසට යන මාර්ගය වන මිරිහාන පැඟිරිවත්ත මාර්ගයේ රැඳී සිට උද්ඝෝෂණය කළ පුද්ගලයන්ට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පහරදී ප්‍රකෝප කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ගැනීමටයි.
එලෙස පහර කෑමට ලක්වූ 12 දෙනකු තම මානව අයිතිවාසිකම් කඩ වූවා යැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර මීගමුව පොලිසියෙන් ඒ බව දැනුම් දුන් බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
