ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

Report

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීම සඳහා අමතර දින දෙකක් ලබාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

පොදු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නන් (General Renovation Work), සෙරමික් ටයිල් වැඩ (Ceramic Tiling Work), කපරාරු වැඩ (Plastering Work) යන රැකියා සඳහා අද දින (03) සිට 07 වැනිදා පෙ.ව 9.00 දක්වා කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරිම සිදු කෙරේ.

තැපෑලට තවත් 731ක් බදවා ගැනේ - මෙන්න විස්තරය

තැපෑලට තවත් 731ක් බදවා ගැනේ - මෙන්න විස්තරය

වයස අවුරුදු 25-45 අතර පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාළ මනා පළපුරුද්දක් තිබිය යුතුවේ.

මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති හා ඥාතීන් කිසිවෙකු ඊශ්‍රායලයේ සේවය කරන හෝ පදිංචි පුරවැසියන් නොවන පුද්ගලයින්ට අයදුම් කළ හැකි අතර, වසර 3ට වඩා වැඩි කාල සීමාවක් සහිත සියළුම රටවල් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබිම ද අනිවාර්යය වේ.

එසේම ඊශ්‍රායලයේ පවතින දේශගුණික හා කාලගුණික තත්වයන් යටතේ සේවය කිරීමට සුදුසු මනා කායික හා මානසික තත්වයකින් යුතු පුද්ගලයින්ට පමණක් මේ සඳහා අයදුම් කළ හැකි අතර, නිදන්ගත හෝ සමාජ රෝගවලින් තොර හා චෝදනාවලින් තොර පිරිසිඳු පොලිස් නිෂ්කාශන වාර්තා තිබිය යුතුය. අයදුම්කරුවන් වසර 10ක පාසල් අධ්‍යාපනය ලබා තිබිය යුතු අතර, මුලික ඉංග්‍රිසි දැනුමක් තිබිය යුතු වේ.

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

වසීම් තාජුදීන්ව මැරුවේ කජ්ජා නෙමෙයි ද? මේවට දේශපාලකයින් සම්බන්ධ නැහැ - බැකෝ සමන් වමාරයි

එසේම ඉහත රැකියා කාණ්ඩ යටතේ අවසන් කුසලතා පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් අසමත් වූ පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ නොහැකිය. සුදුසුකම් සපුරා රැකියාව හිමිවන ශ්‍රමිකයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවන අතර, මසකට ඇමරිකානු ඩොලර් 1520 ක වැටුපක් හා අමතරව අතිකාල දීමනා හිමි වේ.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා www.slbfe.lk වෙබ් අඩවියේ විශේෂ වෙබ් ද්වාරයක් හදුන්වා දී ඇති අතර, මෙම රැකියා සඳහා ලියාපදිංචිවීමට, සම්මුඛ පරීක්ෂණ, කුසලතා පරීක්ෂණ හා ලොතරැයි ක්‍රමවේදය ඔස්සේ තෝරාගැනීම වැනි කරුණු සඳහා කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබාදීමෙන් වළකින මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ට දන්වා සිටී.

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක්

අද මේ ලග්නවලට හිතා ගන්න බැරි වාසනාවක්