ඔන්න ලංකාවට Google සමාගමෙන් සුබ ආරංචියක්, මීට පස්සේ මේක නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්
AI National Expo ප්‍රදර්ශනය අද පෙරවරුවේ කොළඹදී ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් මෙම -ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය- සංවිධානය කිරීමට පියවර ගෙන ඇත්තේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ එස්.එල්.ටී මොබිටෙල් ආයතනයයි.
එසේම මෙම සම්මන්ත්‍රණය අද සහ හෙට යන දෙදින පුරාම පැවැත්වෙන්නේ තලවතුගොඩදී බව සඳහන්.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ මෙරට ආර්ථිකය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම ප්‍රශස්ත කිරීම හරහා ශ්‍රී ලංකාව කලාපීය මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ අරමුණින්.
එසේම මේ සඳහා කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ දේශිය හා ගෝලීය නායකයින්, නවෝත්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව සිටියා.
මේ අතර ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න AI National Expo ප්‍රදර්ශනය ආරම්භ කරමින් සඳහන් කළේ Google සමාගම තම AI වේදිකාව වන ජෙමිනිහි (Gemini) ඇති විශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ නොමිලේ ලබා දීමට එකඟ වී ඇති බවයි.