රජයේ රැකියාවක් සොයන ඔබට මෙන්න සුබ ආරංචියක්

Report

රාජ්‍ය අංශයට නව සේවකයින් 30,000ක් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ, උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 18,853 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙය රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාලීම සඳහා, අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ මත පදනම්ව සිදුවේ.

ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!

ජනපති පවුලේ අවුරුදු චාරිත‍්‍ර ගැන අලුත් තීරණයක්!

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීම සඳහා 2025 අයවැය මගින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීමට, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, “2025 අයවැය යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළ”ට අනුව, නියමිත බඳවා ගැනීමේ පටිපාටිවලට එකඟව අයදුම්පත් කැඳවා බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යාංශ කඩිනමින් පියවර ගත යුතු බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!