ගුවන් යානයක් තුළ නිරුවතින් ඇවිද්ද පුද්ගලයෙක් නිසා ගුවන් සේවිකාවකට සිදු වූ දේ.(PHOTOS/VIDEO)

By Aruna May 31, 2024 08:55 AM GMT
Report

ඔස්ට්‍රේලියාවේ පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි පුද්ගලයෙකු, ගුවන් යානය තුළදී නිරුවතින් දිවයාමේ පුවතක් විදෙස් රටකින් වාර්තා වනවා.

පාසල නිමවී ගෙදර එන දැරිය ගිමන් හරින අතරේ ගැබිණියක් කළ සිදුවීමක්..

පාසල නිමවී ගෙදර එන දැරිය ගිමන් හරින අතරේ ගැබිණියක් කළ සිදුවීමක්..


යානය ගුවන්ගතව තිබියදී මෙලෙස වේගයෙන් දිවගිය පුද්ගලයා අනතුරුව ගුවන් සේවිකාවකගේ ශරීරයේ ද ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම නිසා ගුවන් යානය නැවත හරවා පර්ත් ගුවන් තොටුපොළටම පැමිණ ඇති අතර, එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව තිබේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇති බවයි.

ගුවන් යානයක් තුළ නිරුවතින් ඇවිද්ද පුද්ගලයෙක් නිසා ගුවන් සේවිකාවකට සිදු වූ දේ.(PHOTOS/VIDEO) | Walking Naked In An Airplane

මෙම මගියා සිය ඇඳුම් ඉවත් කළේ කෙසේද සහ කොතැනද යන්න පැහැදිළි නැති අතර, ගුවන් යානය අයත් සමාගම මෙම මගියා නිසා අපහසුතාවයට පත් අනෙක් ගුවන් මගීන්ගෙන් සමාව අයැද තිබේ.

මේ අතර මෙම මගියාට ලබන ජූනි 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති බව ද වාර්තා වේ.