වැඩි කළ වැටුප් සහ දීමනාව ගැන විශාල පිරිසකට සතුටුදායක ආරංචියක්..

Report

වතු සේව­ක­යන්ට වැඩි කළ රුපි­යල් 1700ක වැටුප ඒ ආකා­ර­යෙන්ම ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කර ඇතැයි සභා­නා­යක, අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (09) ප්‍රකාශ කළා.

එහිදී ඇමැ­ති­ව­රයා පැව­සු­වේ, වතු සේව­ක­යන්ට වැඩි කළ වැටුප සම්බ­න්ධ­යෙන් වන ගැට­ලුව මේ වන විට පඩි පාලක සභා­වට යොමුව ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් පඩි පාලක සභා­වෙන් කුමන තීර­ණ­යක් ගත්ත ද වැඩි කළ වැටුප ඒ ආකා­ර­යෙන්ම ලබා­දී­මට කම්කරු ඇමැ­ති­ව­රයා අපේක්ෂා කරන බවයි.

පුද්ගලයින් 61 ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි..61ක් දෙනාම මරුට..බිහිසුණු ගුවන් අනතුර මෙන්න.(UPDATE/PHOTOS)

පුද්ගලයින් 61 ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි..61ක් දෙනාම මරුට..බිහිසුණු ගුවන් අනතුර මෙන්න.(UPDATE/PHOTOS)


වතු සේව­ක­යන්ට වැඩි කළ වැටුප නොගෙ­වීම සම්බ­න්ධ­යෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටියා.

වතු සේව­ක­යන්ගේ වැටුප රුපි­යල් 1700 දක්වා වැඩි කිරීම නිසා හාම්පු­තුන් අධි­ක­ර­ණ­යට ගිය බවත් එම නිසා පඩි පාලක සභා­වට එය මේ වන විට යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේ, මෙම වැටුප් වැඩි කිරීම ලබා­දීමේ වැඩ­පි­ළි­වෙළ මේ වන විට සැල­සුම් කර ඇති බවයි.

මේ අතර,විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට ඊයේ (09) දිනයේ දැනුම් දී තිබෙනවා.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..


ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමග වාරික දෙකම එකට ගෙවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

සිය නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙසයි, මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.