මාතලෙන් මතු වූ රන් පැහැති නෙළුම් මලක්. - රු. 5,000,000කට අලෙවි කිරීමට සැරසුණු හැටි.
By Wayomi
පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට පවසමින් රන් පැහැති නෙළුම් මලක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙක්ව ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාතලේ පොලිස් වසමේ අළුවිහාරය ප්‍රදේශයේදී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදීයි.

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)
පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බවට පැවසෙන මෙම රන් පැහැති නෙළුම් මල ග්‍රෑම් 706ක බරිත් යුතු වන අතර, විවිධ ප්‍රමාණයේ පෙති 24කින් සමන්විතය.
සැකකරු මෙය රුපියල් 5,000,000ක මුදලකට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිට ඇති අතර ඔහු අවුරුදු 33ක් වන කවුඩුපැළැල්ල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
