අහස උසට යන රන් මිල
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ ලෝක රන් මිල තවදුරටත් ඉහළ ගොස් ඇත.
ඒ අනුව ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 4,461ක් ලෙස අද (06) උදෑසන දැක්වුණි.
ඒ වගේම ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ද රු 3,000කින් ඉහළ ගොස් තිබෙන බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනු ලබයි.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 337,600ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජනවාරි මස 1 වනදා එය දැක්වුණේ රු. 327,500ක් ලෙසයි මේ අතර ජනවාරි මස 1 වනදා රු. 354,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 365,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.