එල්.ටී.ටී.ඊ. බැංකු වලින් හමුවුණු කෝටි ගණන් රත්තරං වලට මොකද වුණේ? පොලිස්පති පවසයි.
ඊයේ (2 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත උතුරේ මානුෂීය මෙහෙයුම අතරතුරදී එල්.ටී.ටී.ඊ. බැංකුවල තිබී සොයාගෙන යුද හමුදාව භාරයේ තබා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රන් භාණ්ඩ තොගයෙන් රන් අයිතම පන්දහසකට (5,000) අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂක සේප්පුවල බහා තිබෙන එම රන් භාණ්ඩ අයිතමයන් නිසි පරිදි ගණනය කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාලයක්ද තාවකාලිකව එම මූලස්ථානයේ ස්ථාපිත කර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඒ අනුව අදාළ රන් භාණ්ඩවල බර, වටිනාකම ආදී අවශ්‍ය කරුණු ඇතුළත් කර නඩු භාණ්ඩ වශයෙන් ලේඛනගත කරන බවද අධිකරණයට වාර්තා කර ඇත.
කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් යුද හමුදා මූලස්ථානය වෙත පැමිණ අදාළ රන් භාණ්ඩ තොගයේ ඡායාරූප ලබාගන්නා බවත් අදාළ රන් භාණ්ඩ ගණනය කිරීමේ කටයුතුවලට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ද සහභාගි වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ රත්රන් තොගයක් ඇති බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් 2025 අප්‍රේල් 29 වැනිදා කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණ නියෝග මත එම රන් භාණ්ඩ ගණනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව භාරයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
යුද හමුදාව භාරයේ මේ වන විට ඇතැයි පැවසෙන කිලෝග්‍රෑම් 80කට අධික රන් භාණ්ඩ තොගයෙන් රන් භාණ්ඩ අයිතම 5182ක් නඩු භාණ්ඩ 3866ක් යටතේ ලේඛන ගතකර ඇති බව අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එම රන් භාණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂිත සේප්පු 9ක මේ වනවිට තැන්පත් කර ඇතැයිද අධිකරණය වෙත දන්වා සිටියහ.
එම භාණ්ඩවල ඡායාරූප ඇතුළත් විස්තර වාර්තාවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළහ. මෙම සිද්ධියට අදාළ ඉදිරි කටයුතුවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.