පද්මෙගෙන් පැන්න රහස නිසා ඉෂාරාව අල්ලන්න මෙහෙයුමක්
රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් හෙළි වූ කරුණු මත මේ වන විට රටින් පළාගොස් සිටින ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ලවන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඒ අනුව ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය මත කොළඹ අපරාධ කොට්ඨාසය එම මෙහෙයුම සිදුකරයි.
ඉකුත් දා කෙහෙල්බද්දර පද්මේ හෙළි කර තිබුණේ ගනේමුල්ල සංජීව ඝාතනයෙන් දින කිහිපයකට පසු ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පළා ගොස් ඇති බවයි.
එබැවින් දැනට සිදුකරමින් පවතින විමර්ශනවලට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයෙන් තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසයි.
වාර්තා වූ ආකාරයට ඊට අදාළ වැදගත් කරුණු කිහිපයක් පද්මේ විසින් හෙළි කර ඇත.