LPL ආරම්භක තරගයෙන් ගෝල් ගැලන්ට්ස් සුපිරි ජයක් වාර්තා කරයි

Report

6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කළ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජයග්‍රාහී ආරම්භයක් සටහන් කළේය.

ඊයේ (17) රාත්‍රියේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 213ක් රැස් කරමින් ප්‍රබල ඉලක්කයක් නිර්මාණය කළේය.

ගෝල් ඉනිමේ කැපී පෙනුණු චරිත් අසලංක පන්දු 38කින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 65ක් රැස් කළ අතර, සෑම් හාපර් පන්දු 19කින් හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟ වේගවත් ලකුණු 40ක් ලබා දුන්නේය.

ලංකාවම බලන් හිටපු LPL තරගාවලිය අදින් ඇරඹේ - ක්‍රිකට් රසිකයෝ පිස්සුවෙන් හොයපු තරග විස්තරේ මෙන්න

ලංකාවම බලන් හිටපු LPL තරගාවලිය අදින් ඇරඹේ - ක්‍රිකට් රසිකයෝ පිස්සුවෙන් හොයපු තරග විස්තරේ මෙන්න

නායක දසුන් ශානක පන්දු 12කින් ලකුණු 31ක් රැස් කළ අතර, සහන් ආරච්චිගේ හතරේ පහර 7ක් සමඟ ලකුණු 35ක් එක් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක විය. ලකුණු 214ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 177ක් පමණි.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34ක් රැස් කරමින් සටන්කාමී ඉනිම් ක්‍රීඩා කළද, සෙසු පිතිකරුවන්ට සාර්ථක සහායක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ජැෆ්නා කණ්ඩායමට පරාජය වැළැක්වීමට නොහැකි විය.

මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් පිල නියෝජනය කරමින් හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක පියුෂ් චව්ලා සහ දකුණු අප්‍රිකාවේ උපන්, වත්මන් නැමීබියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීස් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද ක්‍රීඩා කළහ. 

LPL නවතීද? අද රටම LPL තරගාවලිය වෙනුවෙන් බලා ඉද්දි කණ්ඩායමේ හිමිකරුවෙක් අත්අඩංගුවට

LPL නවතීද? අද රටම LPL තරගාවලිය වෙනුවෙන් බලා ඉද්දි කණ්ඩායමේ හිමිකරුවෙක් අත්අඩංගුවට