LPL නවතීද? අද රටම LPL තරගාවලිය වෙනුවෙන් බලා ඉද්දි කණ්ඩායමේ හිමිකරුවෙක් අත්අඩංගුවට
ලංකා ප්රිමියර් ලීග් (LPL) ෆ්රැන්චයිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු තරග පාවාදීමේ වැරදි සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද(17) දින පැවැත්වීමට නියමිත 2026 ලංකා ප්රිමියර් ලීග් තරඟාවලිය නිල වශයෙන් දියත් කිරීමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.
අඳාළ සැකකරු ජැෆ්නා කිංග්ස් ෆ්රැන්චයිස් හි හිමිකරුවෙකු වශයෙන් හඳුනාගෙන ඇති අතර ක්රීඩා ආශ්රිත දූෂණ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක කොටසක් ලෙස මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත්, වැඩිදුර තොරතුරු නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් පොලිසිය පැවසූ බව සඳහන්.
කෙසේ වෙතත් ක්රීඩා දූෂණවලට එරෙහිව ලෝකයේ දැඩිම නීති කිහිපයක් ශ්රී ලංකාවේ තිබෙන අතර, ක්රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ, තරග පාවාදීම, ස්ථාන පාවාදීම සහ ක්රීඩාවේ වෙනත් ආකාරයේ උපාමාරු අපරාධ වශයෙන් සලකයි.
එමෙන්ම වරදකරුවන්ට සැලකිය යුතු දඩ සහ සිර දඬුවම්වලට මුහුණ දීමට සිදුවේ.