සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අඩු වියදම් ගුවන් සේවාවක් ආරම්භ කිරීම සඳහා එයාර් ඒෂියා අබුඩාබි ගුවන් සේවා සමාගමට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය ඊයේ (03) දා පිරිනමා තිබෙනවා.
මෙම සහතිකයට අනුව එම සමාගම ලබන මස මැද භාගයේ සිට කටුනායක සිට අඩුබාබි ගුවන් තොටුපල වෙත නිශ්චිත ගුවන් කාලසටහනකට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අදාළ සහතිකය පිරිනැමීමට පෙර එයාර් ඒෂියා අබුඩාබි ගුවන් සමාගම සතු ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව, කාර්යක්ෂම ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යෑම සඳහා ඇති සංවිධානාත්මක ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා.