බන්ධනාගාර තීරණයට එරෙහි පෙත්සම්වලට අභියාචනාධිකරණයෙන් තීන්දුවක්- ඥානසාර හිමිගේ නඩුව කැඳවන දිනය මෙන්න

Report

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් ලබන 22 වැනිදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

අදාළ පෙත්සම් මඟින් ඉල්ලා ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය නීතිමය වශයෙන් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව, අදාළ තීරණයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කිරීමට නියමිතය. මෙම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති අතර, එදින අදාළ කරුණු අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

හෙළ කලා කෙත අස්වැද්දූ සෝමපාල ලීලානන්ද කලාකරුවාණන් සදහටම සමුගනියි

හෙළ කලා කෙත අස්වැද්දූ සෝමපාල ලීලානන්ද කලාකරුවාණන් සදහටම සමුගනියි