දුෂ්කර රෝහල් ලැයිස්තුව 128කින් අඩු කරලා GMOA වෙතින් රතු එළියක්

Report

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ලේකම් ප්‍රභාත් සුග­ත­දාස මහතා විසින් වෛද්‍ය­ව­රුන්ගේ පශ්චාත් සීමා­වා­සික අනු­යුක්ත කිරීම සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ක්‍රියා­ව­ලිය තුළ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සිදු කරන අක්‍ර­මි­කතා නිවැ­රදි නොක­රන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියා­මා­ර්ග­ය­කට එළැ­ඹෙන බව සදහන් කර තිබේ.

එතුමා සදහන් කළේ මෙම අක්‍ර­මි­කතා හෙට (31) උදෑ­සන 8 වන විට නිවැ­රදි කිරී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය කට­යුතු නොක­රන්නේ නම් අද (30) දින රැස්වන විධා­යක කාරක සභාව සහ මධ්‍යම කාරක සභාව මඟින් ගන්නා තීර­ණය ක්‍රියා­වට නංවන බවයි.

දුෂ්කර සේවා ස්ථාන 393කින් සම­න්විත වූ දුෂ්කර සේවා ස්ථාන ලැයි­ස්තුව, කිසිදු විද්‍යා­ත්මක පද­න­මක් හෝ පාර්ශ්ව­ක­රු­වන්ගේ එක­ඟ­තා­වක් නොමැ­තිව සහ ස්ථාන­මාරු මණ්ඩ­ලයේ අනු­මැ­ති­ය­කින් තොරව සේවා ස්ථාන 265ක් දක්වා අඩු කර­මින් ආය­තන 128ක් කප්පාදු කිරී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය කට­යුතු කර තිබෙන බව ඔහු පෙන්වා දෙන ලදි.

සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් දැනුම්දීමක්

සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් දැනුම්දීමක්

ඒ වගේම එතුමා සදහන් කළේ කිසිදු සෞඛ්‍ය සේවා ස්ථාන­යක පහ­සු­කම් පසු­ගිය කාල­යේදී වර්ධ­නය වී නොමැති අතර ඇතැම් රෝහල් පෙර­ටත් වඩා දුෂ්ක­රතා සහිත සේවා ස්ථාන බවට පත් වී තිබෙන බවයි .

වෛද්‍ය­ව­රුන්ගේ ස්ථාන මාරු ස්වාධීන විය යුතු බවත් එය දේශ­පා­ල­නී­ක­ර­ණය වීම කිසි­සේත්ම නොවිය යුතු බවත් එතුමා      අව­ධා­ර­ණය කර තිබේ.

ඒ වගේම එතුමා සදහන් කරන්නේ වෛද්‍ය­ව­රුන්ගේ ස්ථාන මාරු දේශ­පා­ල­නී­ක­ර­ණය කිරී­මට කට­යුතු කරන ඕනෑම රජ­ය­කට එරෙ­හිව සංග­මය ක්‍රියා­ත්මක වන බවත් වෛද්‍ය පත්වීම් දේශ­පා­ල­නී­ක­ර­ණය වීමක් කිසි­සේත්ම සංග­මය අපේක්ෂා නොක­රන බවයි

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ලේකම් ප්‍රභාත් සුග­ත­දාස මහතා තව දුරටත්  සදහන් කරන්නේ පක්ෂ, විපක්ෂ කවර හෝ දේශ­පා­ල­න­ඥ­ය­කුගේ හෝ කණ්ඩා­ය­ම­කගේ අව­ශ්‍ය­තා­වන් සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය නිල­ධා­රීන් සහ විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, වෛද්‍ය­ව­රුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේව­ක­යන්, රාජ්‍ය සම්පත් සහ මහ­ජන බදු මුදල් අව­භා­විත කිරී­මට ගන්නා උත්සා­හය සංග­මය තරයේ විරුද්ධ බවයි.

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය