පාරිභෝගික ආරක්ෂාවට ඉතා වැදගත් - දිවයිනේ දිස්ත්‍රික්ක 20ක් වටලයි - මේ ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග සියල්ල නිලධාරීන් භාරයට

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග අලෙවියට එරෙහිව දිවයිනේ දිස්ත්‍රික්ක 20ක වැටලීම් 87ක් සිදු කර 1,140ක් නඩු භාණ්ඩ වශයෙන් නිලධාරීන් භාරයට ගත් බවයි.

ඒ අනුව එම අධිකාරිය පවසා සිටියේ නිවාස, ගොඩනැගිලි සහ අනෙකුත් ජල සැපයුම් පද්ධති වෙනුවෙන් භාවිත කරන PVC ජලනළ බට සහ සන්ධි උපාංග නියමිත ප්‍රමිතියෙන් යුක්ත වීම පාරිභෝගික ආරක්ෂාවට ඉතා වැදගත් වන බවයි.

එහිදී විශේෂයෙන් පානීය ජලය සැපයීමට භාවිත කරන නළ පද්ධතිවල ගුණාත්මකභාවය, කල්පැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර පිළිපැදීම අත්‍යවශ්‍ය වන බැවින් මෙම විශේෂ වැටලීම් සිදු කළ බව සඳහන්.

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

එමෙන්ම නීතියෙන් නිශ්චිතව ආවරණය වන PVC ජලනළ බට සහ සන්ධි උපාංග වෙනුවෙන් SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය වන බවත් එම ලාංඡනය නොමැතිව අදාළ භාණ්ඩ අලෙවි කිරීම හෝ අලෙවිය වෙනුවෙන් ඉදිරිපත් කිරීම නීතිමය උල්ලංඝනයක් බවට අධිකාරිය දන්වා ඇත.

එසේම මෙම නීතිමය අවශ්‍යතාව උල්ලංඝනය කරමින් අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති PVC ජලනළ බට සහ සන්ධි උපාංග වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලැබුණු තොරතුරු සහ සිදුකළ නිරීක්ෂණ පදනම් කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 ඔක්තෝබර් 13 සහ 14 යන දිනවල දිස්ත්‍රික්ක 20ක් ආවරණය වන ලෙස විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව අධිකාරිය සඳහන් කරයි.

අද දින ලංකාවේ රත්තරන් මිලේ වෙනසක් - කැරට් 4 සිට කැරට් 21 දක්වා රන්මිල මෙන්න

අද දින ලංකාවේ රත්තරන් මිලේ වෙනසක් - කැරට් 4 සිට කැරට් 21 දක්වා රන්මිල මෙන්න

රියදුරු බලපත්‍ර ගැන නරක ආරංචියක් - රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම නතර කරයි - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

රියදුරු බලපත්‍ර ගැන නරක ආරංචියක් - රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම නතර කරයි - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්