ලෝකෙට මොකක්ද මේ වූණේ? මිනිස්සු පිස්සු වැටිලා

Report

ජේන් සී පරම්පරාවේ විරෝධතා යැයි පවසමින් ලෝකය පුරාම නේපාලය ,බංගලාදේශය ආදී රටවල් ගණනාවක කැරලි කෝලාහල ක්‍රියාත්මක විය. ඒ ආකාරයෙන් මේ වනවිට මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා විරෝධතා පෙළපාළි ආරම්භ වී ඇත.

ජෙන් සී පරම්පරාවේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම පෙළපාළි සඳහා විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් සහභාගී වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

එම විරෝධතා සඳහා විවිධ වයස්වල පසුවන්නන් සහභාගී වී ඇති අතර ඔවුන් මෙක්සිකෝ නගරයේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ජීවත් වන මාළිගාව වටා ඇති වැටවල් කඩා දමමින් එය ඇතුලට ගොස් සිය විරෝධතා සිදුව ඇත.

එහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ කැරළි මර්දන කන්ඩායම යොදවා ඇති අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුමක්ද නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ලෝකෙම පුදුම කරන ඉරානේ අලුත් වැඩේ

ලෝකෙම පුදුම කරන ඉරානේ අලුත් වැඩේ

ලොව පුරා රටවල් වල සිදුවන මෙම ජේන් සී විරෝධතා මේ වනවිට ලෝකයේ විශාල ගැටලුවක්ව පවතී.