වැලිකඩ OIC ට අල්ලස් ගන්න තවත් කාන්තාවක් උදවු කරලා - පොලීසිය අධිකරණයට කියයි

Report

අන්තර්ජාලය හරහා සිදුකළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වී වැටලීමකදී අත්අඩංගුවට පත් වූ චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර, නියමිත දිනට අධිකරණය වෙත ඉදිරිපත් නොකර රහසිගතව මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 03 බැගින් අල්ලස් ඉල්ලා සිටීමේ සිදුවීමට තවත් කාන්තාවකගේ සෘජු සම්බන්ධතාවක් පවතින බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අනාවරණය කළේය.

පොලිස් ස්ථානාධිපතිවරයෙකු ද රිමාන්ඩ් භාරයට පත්කළ මෙම ආන්දෝලනාත්මක අල්ලස් සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව අධිකරණය දැනුවත් කරමින් නිලධාරීන් මේ බව කියා සිටියේය.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

අධිකරණයේදී වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ, අදාළ චීන ජාතිකයන් 19 දෙනාගේ පැස්පෝට් නැවත ලබාදීමේ දූෂිත ගනුදෙනුව සඳහා මෙම සැකකටයුතු කාන්තාව ද තවත් පිරිසක් සමඟ ඉතා සමීපව සහ සාමූහිකව කටයුතු කර ඇති බව දීර්ඝ විමර්ශනවලදී මනාව හෙළි වී ඇති බවයි.

මේ වන විටත් එම තැනැත්තිය මෙහෙයුම් නිලධාරීන් විසින් කැඳවා සිද්ධියට අදාළව ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, මෙම මූල්‍ය වංචාව සහ අල්ලස් ජාලය පිටුපස සිටින සෙසු පුද්ගලයන් කොටු කරගැනීම සඳහා පුළුල් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් පොලීසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේය.

නියම චාන්ස් එකක් - රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනයට අවස්ථාවක්

නියම චාන්ස් එකක් - රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනයට අවස්ථාවක්