පවතින තත්ත්වය මත මේ ප්රදේශ සඳහා නිකුත් කෙරූ ගංවතුර අවදානම තවත් දික් කරයි
ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත පහත්බිම් ප්රදේශ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය 24 වන දින ප්රථමයෙන් මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ අතර, ජලපෝෂක ප්රදේශවලට තවදුරටත් වැසි ලැබීම හේතුවෙන් එම නිවේදනය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
ඒ අනුව, ගිං ගඟ සහ නිල්වලා ගංගා නිම්නවල පහත්බිම් ආශ්රිතව වෙසෙන මහජනතාවගෙන් සහ එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන්, විශේෂයෙන් අතුරු මාර්ග භාවිත කිරීමේදී අතිශය සැලකිලිමත්ව හා විපරමින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නැවත වරක් ඉල්ලා සිටියි.