විදුලි බිල නොගැවීම නිසා පාර්ලිමේන්තුවක් අඳුරේ....
By Gagana
විදුලි බිල නොගෙවීම නිසා ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසූවේ මෙලෙස පාර්ලිමේන්තුවේ විදුලි බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට එරට විදුලි බල සමාගම තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ එරට ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුරයි.
ගෙවිය යුතු පාර්ලිමේන්තුවේ විදුලි බිල ඩොලර් මිලියන 1.8ක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.