විවාහයට පෙර අනිවාර්යෙන් ලේ පරීක්ෂා කරගන්න සෞඛ්‍ය අංශ බලකරයි

Report

විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන්, විවාහ වීමට පෙර ඔවුන් පැලසීමියා වාහකයෙක් ද යන්න පිළිබඳව පරීක්ෂා කර ගැනීමට රුධිර පරීක්ෂණයක් සිදු කළ යුතු බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

එය තුළින් තැලසීමියා වාහක ද, නැති ද, යන්න පිළිබදව දැනුවත්වී විවාහ වන ලෙසත්, තැලසීමියා වාහකයෙක් තවත් තැලසීමියා වාහකයෙක් සමග විවාහ නොවීමෙන් මෙරටින් සම්පූර්ණයෙන්ම තැලසීමියා රෝගය තුරන්කල හැකි බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය අවධාරණය කළාය.

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

එමෙන්ම වර්ථමානය වන විට ශ්‍රි ලංකාව තුල තැලසීමියා රෝගීන් 2000 කට ආසන්න පිරිසක් සිටින බවත්, මෙම රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් සදහා වසරකට ජාතික සෞඛ්‍ය අයවැයෙන් සියයට 15 ක මුදලක් වෙන්වන බවත්, එක රෝගියෙකුට වසරකට රුපියල් මිලියන 10 කට අධික මුදලක් වෙන් වන බවත්, ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සදහාත් එක් අයෙකුට රුපියල් මිලියන 40 කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බවත්, විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා ය.

රික්ටර් මාපක 5.7ක භූමි කම්පාවක්

රික්ටර් මාපක 5.7ක භූමි කම්පාවක්

කුරුණැගල, අනුරාධපුරය, බදුල්ල, අම්පාර සහ මඩකලපුව ප්‍රදේශ වලින් තැලසීමියා රෝගීන් 100 කට අධික පිරිසක් වාර්තා වන බවත්, සෑම වසරකම තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවන් 60 ක් පමණ මෙරට ඉපදෙන බවත් ඇය මෙහි දී පැවසුවා ය.

කරච්චි රෝහල් අර්බුදය උග්‍ර වෙයි

කරච්චි රෝහල් අර්බුදය උග්‍ර වෙයි