කුරාණයට අපහාස කරාට ඥානසාර හිමිට නඩු - අවුරුදු 14ක් පන්නන නඩුවට වෙන්න යනදේ මෙන්න

Report

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් වසර 14 කට පෙර කුරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉස්ලාම් දහමට කල අපහාසයක් බවත් එමඟින් ජාතික සමඟියට බාධා කිරීම යටතේ නීතිපතිවරයා විසින් හිමියන්ට නඩුවක් ගොනු කළේය.

ඒ අනුව අද දින (1) පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා විසින් නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා එය ජුනි මස 26 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකරුද අද දින අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

විනිසුරු විසින් ඉදිරි නඩු දිනයේදී ද යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම සාක්ෂිකරුට අවවාද කළ අතර මෙම නඩුවට අදාළව දැනට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති මුලික නඩු ගොනුව හා සි.ඩි පටි යළි මහාධිකරණය හමුවේ කැඳවන ලෙසද නියෝග කර ඇත.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙශ්ඨ නීතිඥ අශෝක වීරසිරි මහතා විසින් මෙම සිද්ධිය සිදු වී දැනට වසර 14 ඉක්ම ගොස් ඇති බැවින් මෙම නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලිමක් කරන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි