කැනඩා ඉතිහාසය වෙනස් කළ ගැරී ආනන්දසංගරී!

By Gagana News Mar 15, 2025 10:27 AM GMT
Report

කැනඩාවේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිතගැරී ආනන්දසංගරීට හිමිව තිබෙනවා.

ඒ, අනුව ගැරී ආනන්ද සංගරීට එරට අධිකරණ අමාත්‍ය ධුරය හිමිව ඇති බවයි වාර්තා වුණේ. කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරීපත් වූ පළමු දෙමළ - කැනේඩියානු ජාතිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනවා.

ගැරී ආනන්ද සංගරී; මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන වී. ආනන්ද සංගරීගේ පුත්‍රයෙක්.

යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී 1983 වසරේ දී කැනඩාවට ගොස් ඇති අතර, එහිදී ඔහු දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කාලයක සිට පෙනී සිටින අයෙක්.

දේශපාලනයට පිවිසීමට පෙර ගැරී ආනන්දසංගරී නීතිඥවරයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔත්තුවක් නිසා පත්තු වුන වෙඩිල්ල... මෙන්න ඇත්ත

ඔත්තුවක් නිසා පත්තු වුන වෙඩිල්ල... මෙන්න ඇත්ත

ගුටි කෙලින් අවසන් වූ ප්‍රසංගය

ගුටි කෙලින් අවසන් වූ ප්‍රසංගය