චෙරි මලින් වැසී ගිය වොෂින්ටනය

Report

වසන්ත සමයේ උදාව සනිටුහන් කරමින් ලොව පුරා උද්‍යාන මේ වනවිට මලින් පිරී ගොස් ඇති අතර වොෂින්ටන් නුවරත් චෙරි මලින් පිරී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයත් සෑම වසරකම මාර්තු මාසයේ දී චෙරි මලින් පිරී යන්නේ ලොව පුරා සංචාරකයින් දහස් ගණනකගේ ආකර්ෂණය දිනා ගනිමිනි.

එසේම මේ අපූරු දර්ශනය නැරඹීමට ඇතැම් පිරිස් වාර්ෂිකව එය නැරඹීමට පමණක් යන පිරිස් වීමද විශේෂත්වයකි. මෙලෙස චෙරි මල් පිපීමෙන් අඳුරු ශිත සමයේ අවසානයත් වසන්ත සමයේ උදාවත් සනිටුහන් කෙරෙන අතර සෑම වසරකම ජාතික චෙරි මල් වසන්තය සැමරීමටත් වොෂින්ටන් නුවර වැසියන් කටයුතු කරයි.

වාර්තා අනුව ජපානය 1912 දී අමෙරිකාවට ත්‍යාග ලෙස චෙරි ගස් ලබා දී ඇති අතර එසේ ලබා දී ඇත්තේ ජපාන සහ ඇමෙරිකානු ජනතාව අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමටයි.

ඒ අනුව ජපානය සේම ඇමෙරිකාවත් වාර්ෂිකව චෙරි මල් වසන්තය සැමරීමෙන් දෙරට අතර පවතින මිත්‍රත්වය සංකේතවත් කෙරේ. 

කඳුකරයේ බලට අතට ගන්නවා. තරුණ තනි අලියෙක් කියයි

කඳුකරයේ බලට අතට ගන්නවා. තරුණ තනි අලියෙක් කියයි

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් දිනය අදයි!

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් දිනය අදයි!

දකුණේ තවත් වෙඩිල්ලක්... පාතාලයේ සෙල්ලමක් ද?

දකුණේ තවත් වෙඩිල්ලක්... පාතාලයේ සෙල්ලමක් ද?

GalleryGalleryGallery