ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ පෙම්වතිය පොලිසිය මුදා හරී
By Gagana News
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි වෙඩික්කරුගේ පෙම්වතිය ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මුදා හැර තිබේ.
වෙඩික්කරුගේ පෙම්වතිය ඇතුළු දෙදෙනෙකු මහරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඇය සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය විසින් තීරණය කර ඇත.
සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු රැදවුම් නියෝග මත පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දෙන ලදී.