පතලක් කඩා වැටීමෙන් 7ක් ජීවිතක්ෂයට.

By Sithumi May 16, 2023 11:22 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නැගෙනහිර කලාපයේ ඝානාවේ Birim North දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තවත් 17දෙනෙකු සිරවී සිටින බවයි.

මේ වන විට පතල් කම්කරුවන් දෙදෙනෙකු පමණක් දැනට බේරා ගැනීමට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර, ගලවා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන ප්‍රදේශයේ පතල් කම්කරුවන්, එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට බාධා කර ඔවුන් පලවා හැර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් තවමත් අදහස් දක්වා නැහැ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය මෙම පතල කඩා වැටීමට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now