ගම්පහින් සංහිඳියාවට අලුත් පියවරක් - මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට මිලියන 10ක්

Report

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ආගමික ස්ථානවල පහසුකම් හා සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීම මෙන්ම ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ බව සඳහන්ය.

අදාළ වැඩසටහන සඳහා අවශ්‍ය කටයුතු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සිදුකර තිබේ.

මේ අතර, මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව “Welcome to Our Mosque” නමින් සංහිඳියා වැඩසටහනක්ද සංවිධානය කර ඇත. මෙම වැඩසටහන යටතේ අන්‍ය ආගමික ජනතාවට මුස්ලිම් දේවස්ථාන වෙත පැමිණ එහි සංස්කෘතිය, ඉතිහාසය සහ ආගමික වතාවත් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

අමාත්‍ය විජිත හේරත් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය සහ සුහදතාව වර්ධනය කරමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා මෙම සංහිඳියා වැඩසටහන් සමඟ එක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අනුව අගෝස්තු 24 වැනිදා පෙරවරු 9.30 සිට පෙරියමුල්ල ජුම්මා මස්ජිදය සහ මීගමුව මුස්ලිම් පල්ලිය මහජනතාව සඳහා විවෘතව තැබීමට නියමිතය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කම්පන සහගත වාර්තාවක් - 2026 දී රටට වුණු දරුණු පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කම්පන සහගත වාර්තාවක් - 2026 දී රටට වුණු දරුණු පාඩුවක්

හදිසියේම ප්‍රදේශ රැසක කාලගුණය වෙනස් වෙයි - ජනතාව දැන්ම දැනුවත් වෙන්න

හදිසියේම ප්‍රදේශ රැසක කාලගුණය වෙනස් වෙයි - ජනතාව දැන්ම දැනුවත් වෙන්න