ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පති සහ දෙමව්පියන් අතර දරුණු ගැටුමක් - විදුහල්පති ඇතුළු තිදෙනෙක් රෝහලේ

Report

ගාල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයා සහ දෙමාපියන් පිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් විදුහල්පතිවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව තොරතුරු වාර්තා වූයේ මෙම ගැටුම හටගෙන ඇත්තේ ඉකුත් 19 වැනිදා පාසලේ පැවැති පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල නිමාවීමෙන් පසුව බවයි.

අඳාළ පාසලේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු නොවීම, සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීම සහ පවතින අවිධිමත් අධ්‍යාපන ක්‍රමය විධිමත් කරන මෙන් බල කරමින් දෙමාපියන් කලක සිට විරෝධය පළ කරමින් සිටි බව පවසයි.

මේ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහනවලට විශේෂ පරීක්ෂාවක් - හේතුව මෙන්න

මේ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහනවලට විශේෂ පරීක්ෂාවක් - හේතුව මෙන්න

ඒ අනුව අඳාළ ගැටලු සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සමඟ ඇති වූ උණුසුම් කතාබහක් දුරදිග යාමෙන් පසුව මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, රෝහල් ගත කළ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මොහුව දැක්කොත් වහාම කියන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මොහුව දැක්කොත් වහාම කියන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ, ලාෆ් ගෑස් ගැන ඇමති වසන්තගෙන් හදිසි දැනුම්දීමක්

ලිට්‍රෝ, ලාෆ් ගෑස් ගැන ඇමති වසන්තගෙන් හදිසි දැනුම්දීමක්