ඡන්දය අනීතිකයැයි ඒකාබද්ධ විපක්ෂයෙන් පෙත්සමක්
ඊයේ (26) සවස ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දකුණු පළාත් පාලන සහකාර කොමසාරිස් මංජුල ප්‍රියන්ත පෙරේරා වෙත ගාල්ල මහ නගර සභාවේ 2026 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛණය පිළිබඳ දෙවන වර ඡන්ද විමසීමේදි අනීතික ලෙස අයවැය සම්මත වු බවට ලේඛණ ගතකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පෙත්සමක් බාර දී ඇත. ඒකාබද්ධ මෙම ඡන්ද විමසීමේදී ‘විපක්ෂයි’ කියු මන්ත්‍රිවරුන් හතර දෙනෙක් ‘පක්ෂයි’ යනුවෙන් පැවසු බවට සටහන් කොට අනීතික ලෙස අයවැය සම්මත කරගත් බව මෙම පෙත්සමෙන් දක්වා ඇත.
විපක්ෂයේ මන්ත්‍රිවරු 19දෙනා තමන් අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවට දිව්රුම් ප්‍රකාශ 19ක්ද මෙම පෙත්සම සමග පළාත් පාලන සහකාර කොමසාරිස්වරයාට බාර දී තිබේ. මේ අතර, ගාල්ල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසන්ත කරුණාරත්න ද මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තමන් ‘විපක්ෂයි’ කියුවත් ලේකම්වරිය ‘පක්ෂයි’ යනුවෙන් සටහන් කර අයවැය සම්මත කිරිමට සහාය දැක්විම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.
ගාල්ල මහ නගර සභාවේ අයවැය පිළිබඳ පළමුවරට ඡන්ද විමසිම දෙසැම්බර් 15වැනිදා පවත්වන ලද අතර එහිදි වැඩි ඡන්ද දෙකකින් අයවැය පරාජයට පත්විය. පසුව දෙවන වරට ඉකුත් 24 වැනිදා ඡන්ද විමසිම පවත්වන ලද අතර එහිදි මන්ත්‍රිවරුන්ගේ නමින් ඡන්ද විමසිම පවත්වනු ලැබුවේය. එහිදි නගරාධිපතිවරයා සභාවට දැනුම් දුන්නේ අයවැයට පක්ෂව ඡන්ද 21ක්ද විපක්ෂව ඡන්ද 15ක් ලැබි ඇත.
ඒ අනුව අයවැය සම්මත වු බව පැවසිමත් සමග විපක්ෂයේ මන්ත්‍රිවරු සභාව තුළ කලබලකාරි ලෙස හැසිරෙන්නට විමත් සමග පොලිසිය කැඳවිමටද සිදුවිය. පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජිලිත් නිශාන්ත මන්ත්‍රිවරයා වැඩ බලන නගරාධිපති ලෙස පත්කර ගෙන ලේකම්වරිය බලෙන් කැඳවාගෙන විත් නැවත ඡන්ද විමසිම පවත්වනු ලැබුවා. එහිදි අයවැයට විපක්ෂව ඡන්ද 17ක් ලැබුණ අතර පක්ෂව එකම ඡන්දයක්වත් ලැබී නැත. ඒ අනුව ලේකම්වරිය දූෂණයක් සිදු කර ඇති බව පවසා විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිස දිව්රුම් ප්‍රකාශ සමග මෙම පෙත්සම බාර දී ඇත.