මාස දෙකකින් සම්පූර්ණ තෙල් ඉවර වෙලා ගියත් සති හයකට සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න පුළුවන් - උණුසුම මැද ජනපති හෙළි කරයි

Report

සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ පවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (20) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ,

දිවයිනටම සුබ ආරංචියක් - සතොසට ගියොත් මේ භාණ්ඩ 100ටම වට්ටම් එක්ක කාර් එකකුත් දිනන්න අවස්ථාවක්

දිවයිනටම සුබ ආරංචියක් - සතොසට ගියොත් මේ භාණ්ඩ 100ටම වට්ටම් එක්ක කාර් එකකුත් දිනන්න අවස්ථාවක්

"මාස දෙකකින් සම්පූර්ණ තෙල් ඉවර වෙලා ගියත්, සති හයකට සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න පුළුවන් ආරක්ෂක තොග අපි ගබඩා කරලා තියෙනවා. වරාය, ගුවන්තොටුපළට අවශ්‍ය ආරක්ෂක තොග ගබඩා කරගන්න කියලා තීරණ ලබා දීලා තියෙනවා. අර්බුදය තීව්‍ර වුණේ නැත්නම් ආරක්ෂිත තොග ආරක්ෂා කිරීම ගැන තීරණය කරලා තියෙනවා. ආර්ථික බිඳවැටෙන්න නොදී කරගන්න පුළුවන් විදිහට අවශ්‍ය සාකච්ඡා කරමින් තිබෙනවා. සුමට ගිය ආර්ථික ගමන කොතැන කොතැන හරි බාධා ඇති වෙනවා. ගැටුමක් ඇති වෙනවා.

ඉන්ධන මිල වැඩි වෙ‍යිද? ජනපතිගෙන් හෙළිදරව්වක්

ඉන්ධන මිල වැඩි වෙ‍යිද? ජනපතිගෙන් හෙළිදරව්වක්

ඒ නිසා යම් ආර්ථික අපහසුතාවයන් මතු විය හැකියි. ආර්ථික අපහසුතා ඇති වෙන්නේ නැතිව සියල්ල සිදුවෙමින් යනවා නම් පරණ ආකාරයටම බලශක්තිය ඒ ආකාරයටම ලබා දිය යුතුයි. මිල අධිකවීම නිසා යම් ක්ෂේත්‍රවලට බලපෑමක් ඇති වෙනවා නම් යම් සැපයුම්දාමයේ බිඳවැටීමක් නිසා යම් ක්ෂේත්‍රවල බිඳවැටීමක් ඇතිවිය හැකියි. ඒ පිළිබඳව අධ්‍යයනය කරලා ජනතාවට ලබාදිය යුතු සහනයන් පිළිබඳව සාකච්ඡා කරන්න විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා." 

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න