සජබ පා. මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ නිවස පිටුපස ඇළේ අත්බෝම්බයක් - නිෂ්ක්‍රීය කිරීමට බෝම්බ නිෂ්ක්‍රීය අංශයත් එයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගේ ජා-ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපසින් ගලා බසින දෙල්ගහ අර ඇළ මාර්ගයේ තිබී විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් හමුවී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව පොලිසිය සදහන් කළේ අද (01) දින පෙරවරුවේ එම අත්බෝම්බය එම ස්ථානයේ තිබී සොයාගත් බවයි.
එමෙන්ම ජාඇල නගර සභාවේ සේවකයන් විසින් මෙම ඇළ මාර්ගය සුද්ද පවිත්‍ර කිරීමේදී එම සේවකයන්ට මෙම අත්බෝම්බය හමුවී ඇති අතර, ඔවුන් කඳාන පොලිසියට මේ බව දන්වා ඇත.
කෙසේ වෙතත් පසුව සිදුකළ මූලික පරීක්ෂණවලින් අනතුරුව අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් එය රැගෙන ගොස් ඇති බව සඳහන්.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.