ඉන්ධන මිලට අද රෑ මොකද වෙන්නෙ? ගගන හෙළිදරව්වෙන් පසු අද සිදු වූ දේ..

Report

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බව ගගන ප්‍රවෘත්ති අංශයේ අප විසින් අද උදෑසන ප්‍රවෘත්තියක් පළකරනු ලැබීය.

කෙසේනමුත් මෙම ප්‍රවෘත්තිය පලවීමෙන් අනතුරුව, ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යයන් විසින් රට පුරා ඉන්ධන හිගයක් පවතින බවට මත පළකරන්නට වුණා.

තවද මේ හේතුවෙන් ඉන්ධන පවතින පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී තිබෙන බවට ද මාධ්‍ය වාර්තා පලවිය.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්..

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්..


මෙයට හේතුව ලෙස දන්වා තිබුණේ, අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවෙනු ඇතැයි ඉන්ධන හල් හිමියන් ඉන්ධන ඇනුම් නොකිරීම බවයි.

තවද අද ඉන්ධන මිල අද රාත්‍රියේ සංශෝධනය නොකරන බවත් ඉන්ධන පිරවුම් හල් හිමියන්ට දැනුම් දීමට තෙල් සංස්ථාව පියවර ගෙන ඇති බව ද එම වාර්තා වල තොරතුරු පලවුණා.

කෙසේනමුත් මෙලෙස පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි මේ වන විට දැනගන්නට ලැබෙන්නේ.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ යැයි සිතා ඉන්ධන පිරුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් රට පුරා ඉන්ධන හිඟයක් වාර්තා වී ඇති බවට පැතිර යන කතා අසත්‍යයක් බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශකර සිටියේ.

අංශ රැසක දීමනා මුදල් ඉහළ දමයි..විශ්‍රාම වැටුපකුත් වැඩි කරයි..

අංශ රැසක දීමනා මුදල් ඉහළ දමයි..විශ්‍රාම වැටුපකුත් වැඩි කරයි..


ඔහු වැඩි දුරටත් සඳහන්කර සිටියේ මේ වනවිට කිසිදු ප්‍රදේශයක ඉන්ධන හිඟයක් නොමැති බවයි.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ මාසිකව සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකරන බවටද පැතිර යන කතාවන් අසත්‍ය බවයි ඔහු ප්‍රකාශ කළේ.

තව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සුපුරුදු පරිදි අද දිනයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිත බවයි.

මේ හේතුවෙන් රටේ සහ මේ වන විට ලෝක වෙළඳ පොළේ පවතින බොරතෙල් මිල තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කළ හැකි බවයි ගගන ප්‍රවෘත්ති අප විසින් අද උදෑසන හෙළි කළේ.

තවද , බොරතෙල් මිල ගණන් පහල යෑම සහ මැතිවරණයක් ප්‍රකාශයට පත්වී ඇති මොහොතක අද මාධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය මගින් මෙරට ජනතාවට දැනෙන බලපෑමකින් මිල ගණන් අඩු කෙරෙනු ඇතැයි බොහෝ පිරිසකගේ මතයයි.

කලකට පසු අද ඩොලරයේ සටහන් වූ අගය ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්.(PHOTOS)

කලකට පසු අද ඩොලරයේ සටහන් වූ අගය ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්.(PHOTOS)


කෙසේනමුත් පසුගිය කාලයේ අධික ලෙස ඉහළ ගිය ඉන්ධන මිල ගණන් තවමත් මෙරට ජනතාවට දැනෙන ගණනකින් අඩු නොකිරීම කණගාටුවට කරුණකි.

එවන් තත්ත්වයක් තුළ අද දිනයේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු නොකෙරුණහොත් ජනතාවගේ බලාපොරොත්තු තවතවත් සුන්වී යනු ඇත.