අස්වැසුමත් එකවරම නතර වෙයි.. 450,000කට අධික ප්‍රමාණයකට සිදුවූ දේ..

Election Commission of Sri Lanka Government Employee Government Of Sri Lanka Political Development
By Aruna Jul 31, 2024 01:05 AM GMT
Aruna

Aruna

Report

අස්වැසුම දෙවැනි අදියරට අදාළ තොරතුරු සංගණන කටයුතු අතරමග නතර කර ඇතැයි අනාවරණය වනවා.

අස්වැසුම දෙවැනි අදියර සදහා ලැබුණු ඉල්ලුම්පත් 450,000කට අධික ප්‍රමාණයට අදාළ තොරතුරු සංගණන කටයුතු අද (31 වැනිදා) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ.

මෙම සංගණනයෙන් අනතුරුව අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිත තිබිණ.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....


කෙසේ නමුත් දැනට දින දෙකක පමණ සිට මෙම සංගණන කටයුතු නතර කර ඇතැයි අනාවරණය වනවා.

මෙම සංගණන කටයුතු දිගටම සිදු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමක් සිදුකර තිබෙන බවයි, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා කියා සිටියේ.

මෙම සංගණනය දේශපාලඥයන් මැදිහත් නොවී නිලධාරීන් විසින් කරන කටයුත්තක් නිසා එය මැතිවරණ සමයේදී ද කරගෙන යාමට අනුමැතිය ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දුන් බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අංශ රැසක දීමනා මුදල් ඉහළ දමයි..විශ්‍රාම වැටුපකුත් වැඩි කරයි..

අංශ රැසක දීමනා මුදල් ඉහළ දමයි..විශ්‍රාම වැටුපකුත් වැඩි කරයි..


ඊට අදාළ ලිපිය පෙරේදා (29) දිනයේදී මැතිවරණ කොමිෂන් සභාවට යොමුකළ බවද සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, එම කොමිසම ලබාදෙන අදහස අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටින්නේ.

ReeCha