හදිසියේම වෙනස් වුණු ඉන්ධන මිල - අලුත් මිල ගණන් මෙන්න

Report

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් 309ක් ලෙස පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299 ක් වනවා.

එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනවා.

සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව එම නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331 ක් වනවා. එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183 වන බවද එම සංස්ථාව සඳහන් කර සිටියා.

අහස උසට නැගපු ලාෆ්ස් ගෑස් මිල - අලුත් මිල මෙන්න

අහස උසට නැගපු ලාෆ්ස් ගෑස් මිල - අලුත් මිල මෙන්න

ලෝක බලවතා ලෝක යුද්ධෙකට සැරසෙනවද? ඉරානය ඉල්ලන් කන්නයි හදන්නේ

ලෝක බලවතා ලෝක යුද්ධෙකට සැරසෙනවද? ඉරානය ඉල්ලන් කන්නයි හදන්නේ