අවුරුදු 20ක් ම ලෙඩ්ඩුන්ව අන්ඳපු හොර වෙදාට වැඩ වරදී

Report

වසර 20ක පමණ කාලයක් තිස්සේ වෛද්‍යවරයෙක් වශයෙන් පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ පුද්ගලයෙක් එගොඩඋයන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාද්දූව දෙල්දූවේ පදිංචිකරුවෙක් වන 54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩඋයන තාලරුක්ඛාරාම විහාරස්ථානය ආසන්නයේ සහන සේවා නමින් පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී බව වාර්තා වේ.

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මෙම සැකකරු වෛද්‍යවරයෙක් නොවන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙනත් වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකයකින් පෙනී සිටින බවටත් ලද තොරතුරකට අනුව මෙසේ පොලීසිය පරීක්ෂා කර ඇත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (21) සවස් කාලයේදී බව වාර්තා වේ.

එමෙන්ම අඳාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී බලපත්‍ර නොමැති ඖෂධ රැසක්ද සොයාගෙන ඇත.

ඒ අතර තිබූ ඇතැම් ඖෂධ කල් ඉකුත් වූ ඒවා බවද හෙළිව ඇති බව සඳහන්.

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න