IMF සිව්වැනි වාරිකයට මොකද වෙන්නේ?. හිටපු ජනපති රනිල් කීව දෙය මෙන්න..

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට නොපැමිණීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට කරුණු හෙළි කළ යුතු බවයි.

බිත්තරයත් පෙරළියක් කරන්න ද යන්නේ?.

බිත්තරයත් පෙරළියක් කරන්න ද යන්නේ?.


ඒ මහතා මේ අදහස් පළ කළේ, අතුරුගිරියේ පැවති ජන හමුවක් අමතමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"මම මේ ඔක්කොම හැදුවා, මේ ඔක්කොම සකස් කළා, අන්තිම අස්සන දාන්නයි තිබුණේ. ඕක කරන්න තිබුනේ කොළඹදී එකඟවෙලා අතනදි ගිහින් අත්සන් කරලා අයවැය හදන්න තිබුණා. දැන් කියනවා තව කතා ඕනෙලු මොකක්ද ඕන තව සාකච්ඡා ඒක අපි දැනගන්න ඕනේ."