බිත්තරයත් පෙරළියක් කරන්න ද යන්නේ?.

Report

මේ දිනවල වෙළදපොළේ බිත්තර මිල පහළ ගොස් තිබෙනවා.

ඒ පසුගිය දිනවලට සාපේක්ෂවයි.

මේ සම්බන්ධයෙන් බිත්තර වෙළඳුන් පවසන්නේ මේ දිනවල බිත්තරයක මිල රුපියල් 35ක සීමාවෙහි පවතින බවයි.

ඩිජිටල් තිර බෑ.. මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ඩිජිටල් තිර බෑ.. මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


මේ පිළිබඳව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර සිරි මාරසිංහ සඳහන් කළේ ඉදිරියේදී බිත්තර මිල තවදුරටත් පහළ යා හැකි බවයි.

එමෙන්ම, ඒ මහතා පැවසුවේ, මේ වන විට බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය මත ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 30ක් වැනි මුදලකට අළෙවි කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ය.