කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් පලා යයි

Report

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු අද (03) දහවල් කාලයේදී පළාගොස් තිබේ.

මොවුන් මෙලෙස පළායාමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුනරුත්තාපන බලධාරීන් පරීක්ෂණ පවත්වන බව සඳහන්.

පළාගිය රැඳවියන් සොයා පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව ප්‍රදේශය පුරා විශේෂ මෙහෙයුමක් මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මීට පෙරද අවස්ථා කිහිපයකදී රැඳවියන් පළායාමේ සිද්ධීන් වාර්තා වී ඇති අතර, මෙම සිද්ධියත් සමඟ මධ්‍යස්ථානයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇත.