නීතිවිරෝධීව ගෙන ආ ඖෂධ තොගයක් සමග හතරදෙනෙක් කොටු

Report

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන හා රුපියල් කෝටියක් පමණ වටිනා ඖෂධ තොගයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 ගුවන් තොටුපළ හරිත මාවත ඔස්සේ එම ඖෂධ රැගෙන ඒමට උත්සහ කිරීමේදී අද (07) අලුයම ‍ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 තවද මෙම සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු බව වාර්තා වේ ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08ක් තුළ තිබී එන්නත්, පෙති, කරල් සහ ආලේපන ඇතුළු ඖෂධ තොගයක් රේගු නිළධාරීන් විසින් සොයාගෙන තිබුණි.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

මෙම ඖෂධ පිළිබද රේගුවට ප්‍රකාශ කර නොතිබුණු අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබෙන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මෙන්න මේ ප්‍රදේශ වල අධික හිරු රශ්මියක්

මෙන්න මේ ප්‍රදේශ වල අධික හිරු රශ්මියක්