මේවා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ දකින දකින කෙනාට පාරෙදි හම්බුනාම අහන්න නෙවෙයි, වත්කම් ගැන අහන්න එපා මං උත්තර දෙන්නෑ- හදුන්නෙත්තිට මල පනී
තමන් විසින් භාරදී ඇති තම වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න නොවිසුමන ලෙස දෙරණ 360 නාලිකාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍යවේදී කවිඳු කරුණාරත්න මහතාට දැනුම් දී තිබෙනවා.
එසේම අඳාළ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතී නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිට ඇත.
එමෙන්ම ඔහු තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මාධ්‍යයට අවස්ථාව ලබාදිය නොහැකි බව ද ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ තව වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ දකින කෙනාට පාරෙදි හම්බවුණාම හම්බ වූ අවස්ථාවල ප්‍රශ්න කිරීමට නොවන බවද පවසා ඇත.
කෙසේ වෙතත් උණුසුම් සංවාදයකින් අනතුරුව මාධ්‍යවේදියා තම ප්‍රශ්නය ඇසීමේ අයිතිය ලබා ගත්තද එහිදී විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම ඇමතිවරයා ප්‍රතික්ෂේප කර තිබුණා.
'' අපි දෙන්නා මෙතන විභාගයක් කරන එක සාධාරණ නැහැ. මේක ක්‍රමය නෙවෙයි. මම ඕකට උත්තර දෙන්න බැඳිලා නැහැ. අල්ලස් හෝ දූෂණ කොමිෂම මේවා ප්‍රසිද්ධ කරල තියෙන්නෙ දකින දකින කෙනාට පාරදි හම්බුනාම අහල ප්‍රශ්න කරන්න නෙමෙයි. හරිද?. පරීක්ෂණ ක්‍රියාවලියක් ඇතුළෙ ඕන කෙනෙකුට පුළුවන් අදාල වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලිඛිතව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා පරීක්ෂණයක් ඉල්ලන්න"
