වසර 13ක් නිවසක් අහිමිව සිටිය මේ ජනතාව වෙනුවෙන් රජයෙන් නිවාස 51ක්

Report

ඉන්දියානු රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම, අලගොල්ල වතුයායේ නව නිවාස 51ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (29) සිදුකිරීමට නියමිතයි.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

නායයෑමේ අධි අවදානම් කලාපයක වසර 13කට අධික කාලයක් පුරා අසීරුතාවන්ට මුහුණ දුන් මලයගම් ප්‍රජාවේ පවුල් 51ක් උදෙසා සුරක්ෂිත සහ ගෞරවනීය නිවාස පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

රත්තරන් මල්ලක් නිසා කටුනායක කැළඹෙයි - කෝටි ගාණක රන් වළලු සහ මාල තොගයක් එක්ක කාන්තාවක් අත්අඩංගුවට

රත්තරන් මල්ලක් නිසා කටුනායක කැළඹෙයි - කෝටි ගාණක රන් වළලු සහ මාල තොගයක් එක්ක කාන්තාවක් අත්අඩංගුවට

මෙහිදී එක් නිවසක් සඳහා ඉන්දියානු රජය මගින් රුපියල් ලක්ෂ 28ක මූල්‍ය ප්‍රතිපාදන සැපයෙන අතර, අමතර යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මගින් එක් නිවසකට රුපියල් ලක්ෂ 4 බැගින් වෙන් කර ඇත.

අද සිට කොළඹ රථවාහන තදබදයට තිත - නව මාර්ග 5කට මුළු කොළඹටම පොදු ප්‍රවාහන සේවාවක්

අද සිට කොළඹ රථවාහන තදබදයට තිත - නව මාර්ග 5කට මුළු කොළඹටම පොදු ප්‍රවාහන සේවාවක්