අද සිට කොළඹ රථවාහන තදබදයට තිත - නව මාර්ග 5කට මුළු කොළඹටම පොදු ප්‍රවාහන සේවාවක්
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් බස්නාහිර පළාතේ මාර්ග 5ක් හරහා නව මෙට්‍රෝ බස් රථ 111ක් ධාවනයට එක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නව බස් රථ සේවාව අද (29) දින සිට ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි
එසේම මෙම නව බස් රථ කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 5ක් ඔස්සේ ධාවනය වන අතර නියමිත මාර්ග සහ වේලාවන් අනුව මගීන්ට තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන පරිදි අඳාළ සේවාවන් ක්‍රියාත්මක කරනු ලබයි.
එමෙන්ම මෙම බස් රථ හඳුන්වා දීම තුළින් වර්තමානයේ බොහෝ දෙනෙකු කාර්යාල වෙත යාමට සහ ඒම සඳහා භාවිත කරන පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කිරීමට බලාපොරොත්තු වෙන බව සඳහන්.