කොටුව දුම්රියපොළ අසල හදිසියේ දැවැන්ත උද්ඝෝෂණයක් - ‘කුමන්ත්රණය පරදවමු’ කියමින් ජන වරම පුරවැසියෝ පාරට බසී [VIDEO]
By Malith Madushan
‘ජන වරම පුරවැසියෝ’ සංවිධානය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ආසන්නයෙන් ආරම්භ වී තිබේ.
‘කුමන්ත්රණය පරදවමු’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම විරෝධතාවේදී නීතිය සැමට සමානව හා සාධාරණව ක්රියාත්මක කරන ලෙසත්, දූෂිතයන්ට සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට දඬුවම් ලබාදීමට එරෙහිව ක්රියාත්මක වන බවට ඔවුන් පවසන කුමන්ත්රණ පරාජය කරන ලෙසත්, “නීතියට උස්මිටිකම් එපා”, “නීතිය සැමට සාධාරණව ක්රියාත්මක කරනු” සහ “රට විනාශ කළ දූෂිතයන්ගේ කුමන්ත්රණයට ඉඩ දෙන්න එපා” යන සටන් පාඨ ද විරෝධතාකරුවන් විසින් ප්රකාශ කරනු ලබයි.
එමෙන්ම, “හොරුන්ට, දූෂිතයන්ට සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණය පරදවමු” යන සටන් පාඨය ද උද්ඝෝෂණයේ යෙදෙන විරෝධතාකරුවන් ඉදිරිපත් කරයි.