ප්‍රතික්ෂේප කරපු පක්ෂ එක්ක එකට එකතු වෙලා බලය පිහිටුවිම ප්‍රජාතන්ත්‍රවාදී නෑ..... ටිල්වින් කියයි

Election Local government Election Tilvin silva Sinhala news
By Hashini May 07, 2025 07:26 AM GMT
Hashini

Hashini

Report

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව, ජාතික ජන බලවේගය කෙරෙහි ජනතාව පක්ෂයක් ලෙස විශ්වාසය තබා ඇති බවයි.

අද (07) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජනතාව මාලිමාව කෙරෙහි තැබූ විශ්වාසය මත, පළාත් පාලන ආයතන භාරදිය යුත්තේ ජාතික ජන බලවේගයට බවට ජනතාව තීරණය කර ඇති බවත්, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සෑම පළාත් පාලන ආයතනයකම සභාව පිහිටුවීමට කටයුතු කරන බවයි.

වැඩිදුරටත් අදහස දැක්වූ ඔහු කියා සිටියේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ ගම දක්වා ගෙන යාම ජාතික ජන බලවේගයට කළ හැකි බවද, රට තුළ සිදු කරන ලද එම වෙනස ගමටත් ගෙන යා යුතු බවයි.

චීනයේ බෝට්ටු අනතුරක්

චීනයේ බෝට්ටු අනතුරක්

කිසියම් පළාත් පාලන ආයතනයක වැඩි මන්ත්‍රී සංඛ්‍යවක් ජාතික ජන බලවේගයට හිමිවූ පසු, ජනතාව විසින් අනුමත කර ඇත්තේ එම කණ්ඩායම බවත්, ඊට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ ජනතාව විසින් අනුමත කර නොමැති බවත්, ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ටිල්වින් සිල්වා සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයන් සියල්ල එකතු වී ‘ජනතාව සිටින්නේ අපි සමඟ’ යැයි ප්‍රකාශ කළ නොහැකි බවත්, ඔවුන්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් නොලැබීම යනු අදාළ පළාත් පාලන ආයතනයේ ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීම බවයි.

එම කණ්ඩායම් සියල්ල එකතු වී සභාවක් පිහිටුවිමට කටයුතු කළහොත්, එය නීති විරෝධී නොවුන ද, ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවට සඳහන් කළ ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කණ්ඩායම් විසින් තමන් දිනූ බවට ගණිතමය වශයෙන් පෙන්වීමට උත්සාහ කරන බවයි. 

ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි...

ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි...

ReeCha