චීනයේ බෝට්ටු අනතුරක්

By Hashini May 07, 2025 06:48 AM GMT
Report

චීනයේ ගිනිකොන දිග ප්‍රදේශයේ දී සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් දස දෙනෙකු මියගොස් තවත් 70 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කලේ Qianxi නගරයේ ගංගාවක යාත්‍රා කරමින් තිබු බෝට්ටුවේ පුද්ගලයින් 84 දෙනෙකු ගමන් කර ඇති බවයි.

මැයි දිනය වෙනුවෙන් වූ දින පහක නිවාඩුව අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං අනතුරට පත් වුවන් මුදා ගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

පෙරවරු 10 වන විට සමස්ත ප්‍රතිඵලය මෙන්න...

පෙරවරු 10 වන විට සමස්ත ප්‍රතිඵලය මෙන්න...