හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ගැළවීමක් නෑ - යළි රිමාන්ඩ්
ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ දූර කාලයේදී පෞද්ගලික සංචාරයක් වශයෙන් සිය බිරිය වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහගේ උපාධි ප්රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අඳාළව ආධාර අනුබල දුන් බව කියන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන පෙබරවාරි 18 දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොටුව ප්රධාන මහේස්ත්රාත් ඉසුරු නෙත්ති කුමාර අද (11) දින නියෝග කර ඇත.
මෙසේ නියෝග කළේ එම සිද්ධියට අදාළ නඩුව කැඳවූ විටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් පසුවයි.
එසේම එදිනට ඇප නියෝගය සලකා බලන බව සඳහන්.